Freelance Jobs

Thursday, December 1, 2011

වෙබ් ගබඩාව

දවසේ වැඩ සමාලෝචනය කර පෙන්වන රෙස්කියු ටයිම්

  • තමන් පරිගණකය ඉදිරියට වී දවස ගෙවු හැටි බලා ගන්නට පුලුවන් තාලයේ මොනිටරිං සොෆ්ට්වෙයාර් එකක් මේ වෙබ් අඩවියෙන් සපයයි. එය ඩවුන්ලෝඩ් කරගෙන තමන් දවසේ කොතරම් කාර්යක්ෂමව වැඩ කලාද වැඩිපුරම ගියේ මොන වෙබ් අඩවි වලටද යනාදී වෂයෙන් දවස ගැන හොද සමාලෝචනයක් දෙයි.www.rescuetime.com



නිතර නිතර යන වෙබ් අඩවි සැනින් පෙන්වන ඩිගෝ

  • නිතර නිතර යන එන වෙබ් අඩවි සළකුණු කොට තබා ගන්නට සහ තමන් කැමති මාතෘකාවක වෙබ් අඩවි සොයා දෙන ලෙස ඉල්ලා තබන්නට ඩිගෝ හොද වෙබ් අඩවියකි. සාමාන්‍ය බුක්මාක් සහ ටැග්වලින් එපිටට ගොස් නොයෙක් උපක්‍රම අනුව ඒවා කිරිමට ඩිගෝ විවිධ ටූල් හා සේවා සපයයි.www.diigo.com



ඔන්ලයින් ක්‍රමයට වැඩ සැලසුම් කළ හැකි ජිෆ්ල්

  • එදිනෙදා තිබෙන වැඩ හා හමුවීම් යනාදිය ඉතා පිළවෙලට සකස් කළ හැකි වෙබ් අඩවියකි. තමන්ගේ ඉදිරි වැඩසටහන් මෙහි ඇතුළත් කළ පසු ඒවා තමන් කැමති අයට ඉන්ටනෙට් හරහා පෙන්වීමට කටයුතු කළ හැක . බොහෝ දෙනෙක් සමග සංවිධානාත්මක ව වැඩ කටයුතු කරන අයට මෙම වෙබ් අඩවිය ලොකු සේවයක් සපයයි.www.jifflenow.com

ප්‍රශ්නවලට උත්තර එස්එම්එස් කරන චාචා සර්ච් එන්ජිම

  • චාචා සර්ච් එන්ජිම පාලනය වන්නේ ස්වයංක්‍රීයව මෘදුකාංග මගින් නොවේ සැබෑ කාර්මිකයන්ගේ අතිනි. එනිසා අසන ප්‍රශ්නවලට පිළිතුරු සොයා දෙන්නේ වඩාත් ගැළපෙන සේය. ඊට අමතරව යම් ප්‍රශ්නයක් එස්එම්එස් මගින්ම ලැබේ. search.chacha.com

ගේම් වීඩියෝ තනන්නට වීගේම්





  • පරිගණක ක්‍රීඩා කරන අයට තමන් කැමති ක්‍රීඩා කරන ආකාරය ගැන නොයෙක් ඉගි කියා දෙන්නට තනා ඇති වෙබ් අඩවියකි. වීගේම් පරිගණක ක්‍රීඩා ඇසුරේන් නොයෙක් වීඩියෝ නිර්මාණය කරන්නට ඕනෑ ටුල්ස් සපයන වීගේම් වෙබ් අඩවිය ඒවා ෂෙයාර් කිරිමට ද හැකිය.www.wegame.com

Monday, November 28, 2011

කාන්තාරකරණයට එරෙහිව හරිත මහා ප්‍රාකාරය

මෙම හරිත මහා ප්‍රාකාරය ගොඩනැගීමට යෝජිතව ඇත්තේ සහරා කාන්තාරයේ උතුරු ප්‍රදේශයේ සෙනගාල් සිට ඩිජිබෞට් දක්වායි. රටවල් 11 ක සහයෝගීත්ව‍යෙන් තැනීමට යෝජිත මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ කාන්තාරකරණයට මුහුණ දෙමින් එහි වැලි ඛාදනය විමෙන් ආරක්ෂා කර ගැනීමයි. සෙනෙගාල් සිට ඩිජිබෞට් දක්වා කිලෝමීටර 7775 ක් දිගින් ද, කිලෝමීටර 15 ක් පළලින් ද යුතු තුරු ලතා තීරයක් සිටුවනු ලැබේ. මෙය 1980 දී බුර්කිනා ෆෙසෝ රාජ්‍යය එවකට පාලනය කළ තෝමස් සන්කාරා ද යෝජනා කල ව්‍යාපෘතියකි.


බොහෝ කළක් තිස්සේ මේ ගැන සාකච්චා පැවැත්වු නමුත් මේ සදහා අධික වියදමක් දැරීමට සිදුවන බැවින් ව්‍යාපෘතිය කල් දැමීමට සිදු වී තිබේ. මෙහි සම්බන්ධිකාරකත්වය දරන්නේ සෙනෙගාල් රාජ්‍යයයි.

සුපිරි මාරියෝ



සුපර් මාරියෝ යනු ලොකු කුඩා කාගේත් කාටුන් වීරයෙකි. මාරියෝ වීඩියෝ ක්‍රීඩාවේ නවතම හදුන්වාදීම ලෙස සැළකෙන්නේ සුපර් මාරියෝ ත්‍රීඩී ලැන්ඩ්ස්ය. මෙය නින්ටෙන්ඩෝ සමාගමේ නිර්මාණයකි. නින්ටෙන්ඩෝ සමාගම විසින් පසුගියදා ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී මෙහි හදුන්වාදීමේ වැඩසටහනට සමගාමීව පැමිණ සිටි පිරිසට මාරියෝ අත්දැකීම් සජීවීව විදගැනීමට වීඩියෝ ක්‍රීඩාවේ පරිසරය හා එහි එන චරිත ඒ ආකාරයේන් ම ගොඩ නගා තිබීම විශේෂත්වයකි.
 
මෙම අත්දැකීම් නිසා ලොකු කුඩා සියල්ලන්ම හිතපුරා විනෝදයට පත් විය.ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වන සුපර් මාරියෝ පිටපත් මිලියන 262 කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලවි වී ඇත

Friday, November 18, 2011

ලෝකයේ බලවතුන් දස දෙනා

පසුගිය දා ‍ෆොර්බ්ස් සගරාව පවත්වන ලද සමීක්ෂණයකින් ලෝකයේ බලසම්පන්න ම පුද්ගලයින් දස දෙනෙක් තෝරා ගනු ලැබුවා. එ‍ම සමීක්ෂණයේ දී විශේෂ කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා. ඒ අතරින් බොහෝ පිරිසක් මෙහෙයවීම ට හැකි වීම, ආර්ථික සම්පත් විශාල ප්‍රමාණයක් පාලනය කිරීම සහ අංශ කිහිපයකින්ම බලවීම ආදී ඔවුන්ට ඇති හැකියා ගැන කරුණු රැසක් සැළකිල්ලට ගෙන ඇත.


  1. බරක් ඔබාමා

 බරක් හුසෙන් ඔබාමා 1961 අගෝස්තු 4 වැනිදා හොනලොලු හිදී උපත ලැබුවේය. වර්ෂ 2009 ජනවාරි 20 වනදා ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මේ වන විට බොහෝ සෙයින් කථා බහට ලක්වෙන ජනාධිපතිවරයෙකු වන ඔබාමා 2009 වසරේ නොබෙල් සාම ත්‍යාගයද දිනා ගන්නා ලදී.


    2.විලැදිමිර් පුටින්

  •    විලැදිමිර් පුටින් 1952 ඔක්තෝම්බර් 7 වනදා රුසියාවේ ලෙනින්ග්‍රාඩ් හි උපත ලැබුවේය. ඔහු රුසියාවේ 2වැනි ජනාධිපතිවරයා ලෙස සැළ‍කේ. මේ වන විට ඔහු රුසියාවේ අගමැති පදවිය හොබවයි. රුසියානු දේශපාලනය ශක්තිමත් කිරීම සහ රටේ නීති පද්ධතිය යළි ගොඩනැංවීම මගින් ඔහු රුසියානු ඉතිහාසයේ නොමැකෙන ස්ථානයක් හිමි කරගෙන සිටී.


3.හ්යු ජින්තාඕ

  •   හ්යු ජින්තාඕ 1947 දෙසැම්බර් 21 වැනිදා චීනයේ ජිඈන්ග්යැංහි දී උපත ලැබුවේ ය. ඔහු 2003 වසරේ දී චීනයේ 6 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. එසේ ම ඔහු චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හා චිනයේ මධ්‍යම යුධ හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එනිසාම ඔහු චිනයේ අති විශිෂ්ට නායකයා යනුවෙන් ද හැදින්වේ.



4.ඇන්ජලා ඩොරති මාර්කෙල්

  •   ඇන්ජලා ඩොරති මාර්කෙල් 1954 ජුලි 17 වැනිදා ජර්මනියේ හැම්බර්ග් හිදි උපතා ලැබුවාය. ඇය 2001 නොවැම්බර් 22 සිට ජර්මනියේ චාන්සල්වරිය ලෙස කටයුතු කරන්නීය. ට8 සමුලුවේ දෙවන කාන්නා නියෝජනය වන්නේ ද ඇයයි.



5.බිල් ගේටිස්

  •  විලියම් හෙන්රි බිල්ගේට්ස් ඇමරිකන් ජාතිකයෙකි. ධනවත් ව්‍යාපාරිකයෙකු, මහජන හිතෛෂියෙකු , කතුවරයෙකු මෙන්ම මයික්‍රොසොෆ්ට් ආ‍යතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි . මොහු ලෝකයේ ධනවතුන් අතර තෙවැනි ස්ථානයේ සිටී.


6.අබ්දුල්ලා රජු

  •  අබ්දුල්ලා රජු 1924 අගෝස්තු 01 නි දා සවුදි අරාබියේ දී උපත ලැබුවේය. ඔහු 2005 අගෝස්තු 01 නි දා සවුදි අරාබියේ රජු ලෙස කිරුලු පැලැන්දුවීය. ඔහු ලෝකයේ ධනවත්ම රාජකියයන්ගේ ලැයිස්තුවට ඇතුලත් වේ.


7.16 වැනි බෙනඩික් පාප් වහන්සේ

  •  ‍ජෝෂප් ඇලෝසියස් රැටිඩින්ගර් නමින් 1927 අප්‍රේල් 16 වැනිදා ජර්මනියේ උපත ලැබුවේය. වත්මන් පාප් වහන්සේ  ලෙස කටයුතු කරයි. 265 වනි පාප් වහන්සේ වෙයි.


8.බෙන් බර්නෙක්

  •   බෙන් බර්නෙක් 1953 දෙසැම්බර් 13 වැනිදා ඇමරිකාවේදී උපත ලැබුවේය. ආර්ථික විද්‍යාඥයෙකු වන බර්නෙක් මේ වන විට අමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.


9.මාක් ෂුකර්බර්ග්

  •  මාර්ක් එලියොට් ෂුකර්බර්ග් 1984 මැයි 14 වැනි දා ඇමෙරිකාවේදී උපත ලැබුවේ ය. ඔහු පරිගණක වැඩසටහන් නිර්මානකරුවෙකු සහ අන්තර්ජාල ව්‍යවසාහකයෙකු ලෙස කටයුතු කරයි. ෆේස් බුක් හි නිර්මාණකරුවා ද මොහුය.


10.ඩේවිඩ් කැමරන්











  •  ඩේවිඩ් විලියම් කැමරන් 1966 ඔක්තෝම්බර් 9 වැනිදා බ්‍රිතාන්‍යයේදී උපත ලැබුවේය. එක්සත් රාජධානියේ වත්මන් අගමැතිවරයා වශයෙන් කටයුතු කරන්නේ විලියම් කැමරන් මහතායි.

Saturday, October 29, 2011

ගඩාෆි සහ ප්‍රභාකරන්

අවු. 41 ක් රට පාලනය කළ ගඩා‍ෆි
  • පසුගිය කාලයේ ලෝකයේ වැඩියෙන් ම කථා බහ වුන රට මොකක්ද? ලිබියාව. ඒ එරටේ ජනපති වෙන මුවම්මර් ගඩාෆි හා ඔහුට විරුද්ද ඔහුගේම රටේ කැරලිකරුවන් විසින් ඔහුව මරා දැමූ නිසයි



  • 2011 පෙබරවාරි 17 වැනිදා ලිබියානු පාලනයට එරෙහිව හටගත් දේශපාලන විරෝධතා සමග ගඩාෆි හමුදා සහ විරෝධතාකරුවන් අතර නිරතුරු ගැටුම් ඇතිවිය. පෙබරවාරි මස අවසන් භාගයේදී රටේ  කැරලි උග‍්‍ර අතට හැරුණු අතර නැගෙනහිර ලිබියාවේ බලය ගඩාෆි පාලනයෙන් ගිලිහීම ඇරඹුණි. අනතුරුව ලිබියාවේ ප‍්‍රධාන නගර කැරලිකරුවන් විසින් අල්ලාගත් අතර ටි‍්‍රපොලි අල්ලා ගැනීම කැරලිකරුවන්ගේ සංග‍්‍රාම ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් විය. අනතුරුව ඔවුන්ගේ අභිප‍්‍රාය වූයේ ගඩාෆි සැඟවී සිටි සර්ට් නගරය අල්ලා ගැනීමයි

  • හතළිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි, ඔහුගේ උපන් ගමවන සර්ට් නුවරදී ලිබියාවේ අන්තර්වාර මණ්ඩලයේ සටන්කරුවන් විසින් ඊයේ මරා දමනු ලැබීය.

  • මරණයට පත්වන විට ඔහු 69 වියේ පසුවිය.සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගඩාෆි අත්අඩංගුවටගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණය මගින් පසුගිය ජූනි 27 වැනිදා වරෙන්තුවක් ද  නිකුත් කර තිබිනි.

  • ඛනිජ තෙල්වලින් පොහොසත් ලිබියාව ගඩාෆිගේ පාලනයෙන් ගිලිහී ගියේ පසුගිය අගෝස්තු 23 වැනිදාය. මේ සංසිද්ධි සියල්ලේම මුලට සිටින්නේ ‍ ජාත්‍යන්තර ජීවිත ගැලවුම්කාරයා වන මානව හිමිකම්  සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමක්කාරයාවුද අමරිකා එක්සත් ජනපදය  වීම කාටවත් රහසක් වී නැත.
  • ඇමරිකා සමාගම් වලින් ලිබියා තෙල් ලිං සදහා ලැබු සොච්චමක්වු බදු වලින් යැපුන  ලිබියාව  ස්වදේශීය කරණය කර තෙල් ආදායම  සම්පූර්නයෙන්ම රටේ ආදායම බවට පත් කරනු ලැබුවේ මින් වසර හතලිස් එකකට පෙර ගඩාෆි ය. එදා ඉපදුන අද මහ මිනිසුන්ව සිටින කැරලිකරුවන් මේවාට කෘතගුණ සලකන්නට තරම් උවමනාවක් සහ එදා අමරිකාවට එරෙහිව නොබියව ගත් ක්‍රියා මාර්ග ගැන සංවේදීතාවයක්ද නැත.




  • ගඩාෆි අවුරුදු හතලිස් එකක් බල තන්හාවෙන් රාජ්‍ය පාලකයා ලෙස එල්ලී නොසිටියා නම් සමහර විට වීර වරයෙක් ලෙස පිදුම් ලබන්නේය. එහෙත් ඔහු අද  අවසන් ගමන් ගිය අන්දම නම් කනගාටුදායකය. ලිබියාව සමෘද්ධිමත් කිරීමට යලිත් අමරිකා  තෙල් සමාගම් රට තුලට රිංගවා පෙර පරිදි සූරා කන්නට පටන් ගත් විට වර්තමාන කැරළි කරුවන්ට යලිත් ගඩාෆි කෙනෙක්ගේ අවශ්‍යතාවය ඇතිවනු ඇත.



  •    ‍මෙසේ අමානුෂික ලෙස ගඩාෆි මරා දැමුනු පසු අමරිකාව ප්‍රීති ‍ඝෝෂා නැගුවේය. නමුත් අපගේ වීර රණවිරුවන් කෲර ත්‍රස්තවාදියෙකු වන ප්‍රභාකරන් මරා දැමුට පසු අමරිකාව  කීවේ  එය අමානුෂික ඝාතනයක් කියායි. ඔවුන් එයට අසත්‍ය වීඩියෝ පට පවා තැනුවා. නමුත් රාජ්‍ය පාලකයෙකු වන ගඩාෆි කැරලිකරුවන් විසින් අමානුෂික ලෙස මරන වීඩියෝ පට බලද්දී ඔවුන් ට අමානුෂික යන වචනය මතක් නොවීම පුදුමයට කාරණාවකි.

Thursday, October 27, 2011

පරිගණක වයිරසයට අවු29යි

මුල්ම පරිගණක වයිරසය හැදුවේ අවු14 ළමයෙක්

මීට අවුරුදු 29 කට කලින් රිචඩ් ස්ක්‍රෙන්ටා ඇමරිකාවේ මවුන්ට් ලෙබනන් උසස් පාසලේ ඉගෙනුම ලබමින් සිටියේය. අලුතින් ම ආ ළමයින් අතරින් අපල් 2 පරිගණක පාවිච්චි කරන ළමයින් අතරින් කෙනෙකු වූ ස්ක්‍රෙන්ටාට පන්තියේ අනෙක් ළමයින්ගෙන් බේරුමක් නැති විය. ඔහුගෙන් විවිධ වැඩසටහන් ඉල්ලන්නට වුවේය. එය ස්ක්‍රෙන්ටාට මහත් වදයකි.
 
   මින් බේරෙන්නට ක්‍රමයක් කල්පනා කළ ස්ක්‍රෙන්ටා නොයෙක් වැඩසටහන් ලියමින් ඒවා ඩිස්ක් වලට එක් කරන්නට විය. මේ ඩිස්ක් ඕපන් කළ විට නොයෙක් දේවල් ඕපන් වෙන නිසා ස්කෙන්ටා‍ගෙන් ඩිස්ක් ඉල්ලන්නට බොහෝ අය බිය විය. 1982 දි ස්ක්‍රෙන්ටා අලුත් වැඩසටහනක් ලිව්වේය. එය පරිගණකයට ඇතුල් වුනු පසු පරිගණකයේ තිරයෙන් මෙසේ පනිවිඩයක් දිස් වෙයි.
         it will get on all your disks
         it will infilitrate your chips
         yes it is Cloner

 මේ පණිවුඩය දිස් වන්නේ එය අඩංගු ඩිස්කය පරිගණකය බුට් කරන විටය. එවිට මේ වැඩසටහන ඇති ඩිස්කයෙන් වැඩසටහනේ කොපියක් පරිගණකය මත රදවයි. දැන් මේ පරිගණකයට ඉතා පිරිසිදු ඩිස්කයක් ඇතුල් කළද වැඩසටහන ඒ ඩිස්කයට ඉබේම කොපි වේ. ඉබේම කාටත් නොදැනි කොපි වීම වයිරස් වල ලක්ෂණයකි. ඒ නිසා රිචඩ් ස්ක්‍රෙන්ටා මේ හැදුවේ වයිරසයකි. එයට දුන් නම එල්ක් ක්ලෝනර් ය.
එම නිසා ලොව පළමු පරිගණක වයිරසය නිපදවු රිචඩ් ස්ක්‍රෙන්ට ඒ වන 14 වැනි වියේ පසු විය.


    මීට අවුරුදු 29 කට කලින් තමන් නිපදවු වයිරසය ගැන රිචඩ් ස්ක්‍රෙන්ටා ඇසෝසියස්ට් ප්‍රෙස් (Asosiast Press) පුවත් සේවයට පැවසුවේ මෙසේයි. "ඒක ඇත්තට ම මම කළේ විහිලුවක්"

Monday, October 17, 2011

ලින්ක් ට්කක්

SOUNDCLOUD

එදිනෙදා ඕඩියෝ ක්ලිප් අප්ලෝඩ් කොට තැබිය හැකි සවුන්ඩ්ක්ලවුඩ්
 
එදිනෙදා තමා කථා බහ කරන හෝ ඕනෑම ඕඩියෝ ක්ලිප් එකක් මෙම සයිට් එකට අප්ලෝඩ් කොට තැබිය හැක.
http://soundcloud.com/


10 MINUTE MAIL


තාවකාලික ඊ මෙල් සෑදීමට ටෙන් මිනිට් ඊ මෙල්

  නොයෙක් වෙබ් අඩවි වල ප්‍රයෝජනය ගන්නට එම වෙබ් අඩවිවලට පිවිසෙන විට සක්‍රීය ඊ මෙල්ලුවක් ඉල්ලයි. මේ වෙලාවට තමාගේ ඊමේල්ලුට දෙන්න කැමති නැති අයට මෙම වෙබ් අඩවිය හරහා තාවකාලික සක්‍රීය ඊ මේල්ලුවක් සාදා ගත හැක.
http://10minutemail.com/


CANVAS


ඉමේජ් සෙව් කරමින් කැමති විදියට වෙනස් කරන්න පුලුවන් කැන්වාස් 

  මෙම වෙබ් සේවයෙන් ඉමේජයක් අප්ලෝඩ් කර එම ඉමේජයට නව දේවල් එකතු කරමින් අලුත් ඉමේජයක් සාදා ෂෙයාර් කරන්නත් පුලුවන්


http://canv.as

Sunday, October 16, 2011

twitter පොතේ කථන්දරේ

ට්විටර්
 
    අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්.  මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි. එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක් පමණක් ම නෙවේ එය මිතුරු හවුල් වෙබ් අඩවියක් ද වේ. පසුගිය ද ට්විටර් සේවය විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ට්විටර් නිතර යන එන අය මිලියන 100 ඉක්මවීමයි.ඉන් මිලියන 50 ක් අය අඩුම තරමේ දවසකට වතාවක් හෝ ටිවිටර් වෙත ලොග් වෙති.
         
 ටිවිටර් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ප්‍රමුඛතම සේවාවකි. ෆේස්බුක්, මයිස්පේස් හැරුණු විට ලොව හොදම මිතුරු ජාලයයි. ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.


ටිවිටර් යනු නොමිලයේ ලබා දෙන සිත් ඇද ගන්නා සුලු වෙබ් සේවයකි. එය නෑදෑ හිත මිතුරන් සමග තමාගේ අදහස් හුවමාරු කර ගැනිමට කදිම අවස්ථාවකි.මෙහිදී බ්ලොගිං කටයුතු කළ හැක්කේ වචන 100 කින් පමණි.මේවා හදුන්වන්නේ ට්වීට්ස් යනුවෙනි. දැනට තිබෙන අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම වර්ගයේ ජංගම දුරකථනයකින් වුවද ට්විටර් හා සම්බන්ධ වීමට පුලුවන්. මෙහිදී මයික්‍රොලොබින් ලිවීමටත් ට්වීට්ස් කියවන්න ටත පුලුවන්.


ටිවිටර් ඉතිහාසය


          ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝ නමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන්  සමග අන්තර්ජාගයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා. 2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එක යැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිග හැරියා.......


    ඕඩියෝ සමාගමේ බොහෝ දෙනා එක්වී ට්විටර් සමාගම පිහිටුවා ගත්තා. එහි නම යෝජනා කලේ ඊවන් විලියම්ස් ය. එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර් ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා. 2006 ඉවර වෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000 ක් විය. 2007 මුළ 60,000 ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම් 2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. (ආසයි නේ)  වසර 2009 ජූනි 25 වැනදා පැයකට හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000 ඉක්මවීය. මේ අපු ට්වීට්ස් කන්දරාව දාරා ගන්න සර්වර් සියල්ල අසමත් උනා. එනිසා ට්විටර් සම්බන්ධතා බිද වැටින. එය යථා තත්වයට පත් වූයේ මේ වෙබ් තදබදය නැවතුන පසුවයි.


 නමුත් දැන් නම් ටිවිට් කන්දරාවක් හැසිරවිය හැකි සර්වර් ඇත. දැන් දිනකට හුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක් හසුරුවා ගන්න එය සමත් වෙයි.




ට්විටර් සමාගමේ මේ සියලු වැඩවලට අවශ්‍ය මුදල් සහ ලාභ උපයා ගන්නේ ට්විටර් හරහා වෙළද දැන්විම් ප්‍රචාරය කිරීම මගින්. දැන් ප්‍රසිද්ධ වී තිබෙන පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 කි (ෆ්...ෆ්...ෆ්...ෆ්..ෆ්..)

Related Posts Plugin for WordPress, Blogger...