Freelance Jobs

Wednesday, August 31, 2011

පරිගණක ලෝකයේ වගතුග



හැකිං ප්‍රහාර

  •                පසුගිය ජුනි මාසයේ 16 වනදා ඊ මේල් එකවුන්ට් හිමි කරැවන් භීතියට පත් කළ දිනයකි. ලූල්සෙක් නම් හැකර් කණ්ඩායම එදින කීවේ, ඊ මේල් එකවුන්ට් 62000 ක් ඒවායේ පාස්වර්ඩ් ද සමග තමන් විසින් ප්‍රසිද්ධ කරන බවයි.
                                                 අද ලෝකයේ පොදු මහජනයා මේ හැකිං ප්‍රහාර නිසා වික්ෂිප්ත වී සිටී. ඉතා ආරක්ෂිත යැයි සිතා සිටි ආයතන සියල්ලම හැකර් කරැවන්ගේ ග්‍රහණයට නතු වී ගොස් හමාරය. බැංකු හා වෙනත් මුල්‍ය ආයතන සියල්ලම අනාරක්ෂිත බව හැකර් කරැවන් විසින් පෙන්වා දි අවසන්ය. ආණ්ඩුවල පරීගණක පවා හැකර්කරැවන්ට පරාද වී හමාරය.
                                                ලෝකයා අන්දමන්ද කරමින් හැකිං ප්‍රහාර එල්ල කරන හැකර් කරැවෝ ලක්ෂ ගණනක් සිටී. ඔවුන්ගෙන් ඇමරිකාවට පමණක් දිනකට එල්ල කරන ප්‍රහාර ගණන තුන් ලක්ෂයකට වැඩිය. ඒවායින් බොහෝ ප්‍රමාණයක් පරදන්නට ඒ ආයතන වල ආරක්ෂක පද්ධති සමත්ය. එහෙත් හැකර් කණ්ඩායම් 2ක් හමුවේ ඔවුන් පරාජය වේ ඒ ඇනොනිමස් හා ලුල් යන කණ්ඩායම්ය.


______________________________________________________


ගූගල් ප්ලස්

  •                     අලුත්ම තාලයේ ඔන්ලයින් හිතම්තුරැ හෙවත් නෙටිවර්කිං සේවයක්  දැන් ගූගල් සමාගම විසින් ද අරඹා ඇත. එය ගූගල් ප්ලස් නම් වේ.
                                                       ගූගල් ප්ලස් වලදී මිතුරන් විවිධ මාතෘකා ඔස්සේ බෙදා දැක්විය හැක. ඒ සදහා ප්ලස් සර්කල් නම් පහසුකම ලබා ගත යුතුය. මිතුරන් සමගින් මුහුණට මුහුණ බලම්න් චැට් කිරීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ ප්ලස් හැන්ගවුට් පහසුකම ලබා ගැනීමයි. කැමරා ‍‍‍‍‍‍‍ ‍‍‍‍ජංගම දුරකතනයෙන් ගන්නා ඡායාරෑප එවෙලේම අප්ලෝඩ් කළ හැක. එ ප්ලස් අප්ලෝඩ් යටතේය. ප්ලස් හඩ්ල් වෙතින් එකවර මිතුරන් කිහිප දෙනෙකුටම පණිවිඩ යැවිය හැක.

  • දැන් පිකාසා පොටෝ ෂෙයාරින් සේවය ගූගල් පොටෝ ලෙස ද , බ්ලොගර් සේපය ගූගල් බ්ලොග් නමින්ද වෙනස් කිරීම ට ගූගල් සමාගම තීරණය කර ඇත.
______________________________________________________


ළමයින් වෙනුවෙන්ම තැනූ කිඩ්සුයි වෙබ් බ්‍රව්සරය

  •                        මෙය ළමයින් වෙනුවෙන්ම තැනූ වෙබ් බ්‍රව්සරයකි. kidsuiනම් මෙම වෙබ් බ්‍රව්සරය නොමිලේ ඩව්න්ලෝඩ් කර ගැනීමට නම්  www.kidzui.com වෙත පිවිසිය යුතුය.
                                                    කිඩ්සුයි වෙබ් බ්‍රව්සරය පරිගණකයට ඉන්ස්ටෝල් කරගත් විට ළමයින් ඒ ඔස්සේ වැඩ කර ගන්නට ඉඩ හළ හැකිය. මේ වෙබ් බ්‍රව්සරය හරහා යා හැක්කේ අන්තර් ජාලයේ තිබෙන ළමයින්ට සුදුසු යැයි තෝරා ගත් වෙබ් අඩවි 800,000 කට පමණි.
                                                     නිතර කිඩ්සුයි භාවිත කරන ළමයාට සුයිස් කියා වර්චුවල් චරිතයක් සේ පෙනී සිටිය හැක. ළමයෙකුට තනියෙන් ඉදිරිපත් වී මෙම වෙබ් බ්‍රව්සරය පරගණකයට ඩවුන්ලෝඩ් කර ගත නොහැක.
______________________________________________________

Monday, August 29, 2011

දැනුම ගනිල්ලා

චීන මහා ප්‍රාකාරය
  • චීනයේ අභිමානය ලොවට කියා පාන ලොව මවිත කළ නර්මාණයකි චීන මහා ප්‍රාකාරය. ‍මෙය ඉදි කිරීමඒ හේතුව රටේ ආරක්ෂාවයි. ක්‍රි.පු. 5 වන සියවසේ හා ක්‍රි.පු. 16 වන සියවස අතර කාලය තුළදී කරනු ලෑබිණි.



                                              ලොව පුදුම හාතෙන් එකක් වන මෙය 1987 දී යුනිස්කොව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී . පුරාණ චීන සලකුණක් වුන මකරාගේ හැඩයට මෙය සාදා ඇත. දිග කි.මි. 6700 කට වැඩි මෙය චීනයේ නැගෙනහිර සිට බටහිර දක්වා පළාත් 5ක් ආවරණය වන සේ පිහිටා තිබේ.

  •     අභ්‍යවකාශයේ සිට බලන විටදී පවා චීන මහා ප්‍රාකාරය දැක ගත          හැක.     
__________________________________________________________________________________

වායු ගෝලය සුරකිමු

  •  මිනිසාටත් අනිකුත් ජිවීන්ටත් අහිතකර ලෙස වායු ගෝලයේ සංයුතිය වෙනස් වීම වායු දූෂණය ලෙස හැදීන්වේ.

     පිරිසිදු වායුගෝලයේ සංයුතිය
  1. නයිට්‍රජන්                   (78.08    %)
  2. ඔක්සිජන්                   (20.95    %) 
  3. ආගන්                        (0.93      %)    
  4. කාබන්ඩයොක්සයිඩ්   (0.037    %)     
  5. නියෝන්                    (0.0018  %)
  6. හීලියම්                      (0.00052 %)                   
  7. මීතේන්                      (0.00010 %)
  8. ක්‍රිස්ටොප්                   (0.00005 %)
  9. නයිට්‍රස් ඔක්සයිඩ්       (0.000007%) 
 වායුගෝලය දූෂණය වන ක්‍රම
    •  රථ වාහන වලින් පිටවන දුමාරයෙන්
    • කර්මාන්ත ශාලා වලින් හා තාප බලාගාරවලින් පිට කරන දුමාරයෙන්
    • කැළි කසල දහනයේදී
    • ගොඩනැගිලි ඉදි කිරීමේ කටයුතු වලදී
    • ආහාර පිසීමේදී
    • ගිනි කදූ පිපිරීම්, ලැව් ගිනි ඇති වීමේදී
    වායුගෝලය දූෂණය වීම වළක්වා ගැනීමට
    • රථ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම. කළු දූම් පිටවීම වළක්වා ගැනීම
    • හැකි සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවයක් භාවිත කිරීම.
    • කැළි කසළ පිළිස්සීමෙන් වැළකීම
    • මුළුතැන්ගෙයි දුමාරයෙන් පිරීයාම වැලරක්වීම
    වායුගෝලය සුරකින ජාත්‍යන්තර සංවිධාන

    1. මොන්ට්‍රියල් සංවිධානය
    2. කියෝතෝ සංවීධානය

    • එක් දිනයකදී පුද්ගලයෙකු වාතය ලීටර 20000 ක් ආශ්වාස කරයි. අප ආශ්වාස කරන වාතය දූෂිත වායුවක්නම් අපට සිදූවන්නේ දරැණු අවධානමකට මුහුණ නේද..................................
    ______________________________________________________

    Thursday, August 18, 2011

    Related Posts Plugin for WordPress, Blogger...