Freelance Jobs

Wednesday, August 31, 2011

පරිගණක ලෝකයේ වගතුග



හැකිං ප්‍රහාර

  •                පසුගිය ජුනි මාසයේ 16 වනදා ඊ මේල් එකවුන්ට් හිමි කරැවන් භීතියට පත් කළ දිනයකි. ලූල්සෙක් නම් හැකර් කණ්ඩායම එදින කීවේ, ඊ මේල් එකවුන්ට් 62000 ක් ඒවායේ පාස්වර්ඩ් ද සමග තමන් විසින් ප්‍රසිද්ධ කරන බවයි.
                                                 අද ලෝකයේ පොදු මහජනයා මේ හැකිං ප්‍රහාර නිසා වික්ෂිප්ත වී සිටී. ඉතා ආරක්ෂිත යැයි සිතා සිටි ආයතන සියල්ලම හැකර් කරැවන්ගේ ග්‍රහණයට නතු වී ගොස් හමාරය. බැංකු හා වෙනත් මුල්‍ය ආයතන සියල්ලම අනාරක්ෂිත බව හැකර් කරැවන් විසින් පෙන්වා දි අවසන්ය. ආණ්ඩුවල පරීගණක පවා හැකර්කරැවන්ට පරාද වී හමාරය.
                                                ලෝකයා අන්දමන්ද කරමින් හැකිං ප්‍රහාර එල්ල කරන හැකර් කරැවෝ ලක්ෂ ගණනක් සිටී. ඔවුන්ගෙන් ඇමරිකාවට පමණක් දිනකට එල්ල කරන ප්‍රහාර ගණන තුන් ලක්ෂයකට වැඩිය. ඒවායින් බොහෝ ප්‍රමාණයක් පරදන්නට ඒ ආයතන වල ආරක්ෂක පද්ධති සමත්ය. එහෙත් හැකර් කණ්ඩායම් 2ක් හමුවේ ඔවුන් පරාජය වේ ඒ ඇනොනිමස් හා ලුල් යන කණ්ඩායම්ය.


______________________________________________________


ගූගල් ප්ලස්

  •                     අලුත්ම තාලයේ ඔන්ලයින් හිතම්තුරැ හෙවත් නෙටිවර්කිං සේවයක්  දැන් ගූගල් සමාගම විසින් ද අරඹා ඇත. එය ගූගල් ප්ලස් නම් වේ.
                                                       ගූගල් ප්ලස් වලදී මිතුරන් විවිධ මාතෘකා ඔස්සේ බෙදා දැක්විය හැක. ඒ සදහා ප්ලස් සර්කල් නම් පහසුකම ලබා ගත යුතුය. මිතුරන් සමගින් මුහුණට මුහුණ බලම්න් චැට් කිරීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ ප්ලස් හැන්ගවුට් පහසුකම ලබා ගැනීමයි. කැමරා ‍‍‍‍‍‍‍ ‍‍‍‍ජංගම දුරකතනයෙන් ගන්නා ඡායාරෑප එවෙලේම අප්ලෝඩ් කළ හැක. එ ප්ලස් අප්ලෝඩ් යටතේය. ප්ලස් හඩ්ල් වෙතින් එකවර මිතුරන් කිහිප දෙනෙකුටම පණිවිඩ යැවිය හැක.

  • දැන් පිකාසා පොටෝ ෂෙයාරින් සේවය ගූගල් පොටෝ ලෙස ද , බ්ලොගර් සේපය ගූගල් බ්ලොග් නමින්ද වෙනස් කිරීම ට ගූගල් සමාගම තීරණය කර ඇත.
______________________________________________________


ළමයින් වෙනුවෙන්ම තැනූ කිඩ්සුයි වෙබ් බ්‍රව්සරය

  •                        මෙය ළමයින් වෙනුවෙන්ම තැනූ වෙබ් බ්‍රව්සරයකි. kidsuiනම් මෙම වෙබ් බ්‍රව්සරය නොමිලේ ඩව්න්ලෝඩ් කර ගැනීමට නම්  www.kidzui.com වෙත පිවිසිය යුතුය.
                                                    කිඩ්සුයි වෙබ් බ්‍රව්සරය පරිගණකයට ඉන්ස්ටෝල් කරගත් විට ළමයින් ඒ ඔස්සේ වැඩ කර ගන්නට ඉඩ හළ හැකිය. මේ වෙබ් බ්‍රව්සරය හරහා යා හැක්කේ අන්තර් ජාලයේ තිබෙන ළමයින්ට සුදුසු යැයි තෝරා ගත් වෙබ් අඩවි 800,000 කට පමණි.
                                                     නිතර කිඩ්සුයි භාවිත කරන ළමයාට සුයිස් කියා වර්චුවල් චරිතයක් සේ පෙනී සිටිය හැක. ළමයෙකුට තනියෙන් ඉදිරිපත් වී මෙම වෙබ් බ්‍රව්සරය පරගණකයට ඩවුන්ලෝඩ් කර ගත නොහැක.
______________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...