Freelance Jobs

Monday, September 12, 2011

හැරී පොටර්


හැරී පොටර්

  • හැරී පොටර් ඇන්ඩ් ද ඩත්ලි හැලෝව්ස් චිත්‍රපටයේ දෙවැන්න බ්‍රිතාන්‍යයේ, ඇමරිකාවෙ පමණක් නොවේ මුලු ලෝකයේ ම තිරගත වීම් ආරම්භ කළා. බ්‍රිතන්‍ය ගත් කතුවරියක් වන ජේ.කේ. රෝලිංගේ හැරී පොටර් නවකතා පෙලේ අවසන් පොත වන්නේ හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝව්ස් නවකතා පොතයි. මෙය චිත්‍රපටයකට නැගෙන්නේ චිත්‍රපට 2ක් ලෙසටයි. එහි පළමු කොටස ඉකුත් වසරේ නෙවැම්බර් මාසයේ සාර්ථකව තිරගත විය.    එය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලැබු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 6ක් වේ. එකම නලු නිලියන් පිරිසක් එකම චිත්‍රපට මාලාවකට දායකත්වය දැක්වීම මෙහි විශේෂත්වයයි.
හේමන්ට ලැබුණ විකාර පොත 

  • සුප්‍රකට චිත්‍රපට නිශ්පාදක වරයෙක් වන ඩේවිඩ් හේමන් ගේ ලන්ඩන් පිහිටි කාර්යාලයට 1997 දී පොතක් ලැබුණා. ඔහුට එය එවා තිබුනේ ඔහුගේ හිතවතුන් පිරිසක්. හේමන් ට ලැබී තිබුණේ හැරී පොටර් කථා  මාලාවේ පලමු වැන්නයි. ඔහු එය ගැන වැඩි උනන්දුවක් නොදැක්වු නිසා ඔහු එය ඔහුගේ පොත් රාක්කය උඩින් තැබුවා. එය ඔහුගේ ලේකම්වරිය කියෙව්වා. ඇය එම පොතට වශී වුනා. ඊට පස්සෙ ලේකම්වරිය හේමන්ට කිව්වා එය ඉතා ආකර්ශනිය පොතක් කියවා බලන්න කියා.මුලින් විකාරයක් යැයි සිතු පොත හේමන් කියවා එම පොත පිළිබද ව පැහැදුනා. ඊට පස්සේ ඔහු ඒ පොත සිනමාවට නැගුවා.
නලු නිලියන්

  •   මාස හතක දීර්ඝ සෙවිමකින් පසුව හැරී පොටර් චරිතයට රග පෑම සාදහා ඩැනියල් රෙඩ්ක්ලිෆ් ව සොයා ගත්තා. ඒ වන විටත් ඔහු බීබීසී රෑපවාහිනියේ චිත්‍රපටයක් වු ඩේවිඩ් කොපර්ෆීල්ඩ් චීත්‍රපටයේ රග පා තිබුනා. හමයිනි ග්‍රේන්ජර් ලෙස එමා වොට්සන් ද රොන් විස්ලි ලෙස රෑපට් ග්‍රින්ට් ද තොරා ගනු ලැබුවේය. මොවුන් දෙදෙනා ද මීට පෙර රගපා නොතිබුනි. මෙම තිදෙනා වයස අවුරැදු 9.10.11 සිට අවුරැදු 20 තෙක් එකම චරිතයකට පණ දුන් නලුවන් හා නිලිය ලෙස ඉතිහාසයට එක් වෙනවා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...