Freelance Jobs

Saturday, October 29, 2011

ගඩාෆි සහ ප්‍රභාකරන්

අවු. 41 ක් රට පාලනය කළ ගඩා‍ෆි
  • පසුගිය කාලයේ ලෝකයේ වැඩියෙන් ම කථා බහ වුන රට මොකක්ද? ලිබියාව. ඒ එරටේ ජනපති වෙන මුවම්මර් ගඩාෆි හා ඔහුට විරුද්ද ඔහුගේම රටේ කැරලිකරුවන් විසින් ඔහුව මරා දැමූ නිසයි



  • 2011 පෙබරවාරි 17 වැනිදා ලිබියානු පාලනයට එරෙහිව හටගත් දේශපාලන විරෝධතා සමග ගඩාෆි හමුදා සහ විරෝධතාකරුවන් අතර නිරතුරු ගැටුම් ඇතිවිය. පෙබරවාරි මස අවසන් භාගයේදී රටේ  කැරලි උග‍්‍ර අතට හැරුණු අතර නැගෙනහිර ලිබියාවේ බලය ගඩාෆි පාලනයෙන් ගිලිහීම ඇරඹුණි. අනතුරුව ලිබියාවේ ප‍්‍රධාන නගර කැරලිකරුවන් විසින් අල්ලාගත් අතර ටි‍්‍රපොලි අල්ලා ගැනීම කැරලිකරුවන්ගේ සංග‍්‍රාම ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් විය. අනතුරුව ඔවුන්ගේ අභිප‍්‍රාය වූයේ ගඩාෆි සැඟවී සිටි සර්ට් නගරය අල්ලා ගැනීමයි

  • හතළිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි, ඔහුගේ උපන් ගමවන සර්ට් නුවරදී ලිබියාවේ අන්තර්වාර මණ්ඩලයේ සටන්කරුවන් විසින් ඊයේ මරා දමනු ලැබීය.

  • මරණයට පත්වන විට ඔහු 69 වියේ පසුවිය.සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගඩාෆි අත්අඩංගුවටගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණය මගින් පසුගිය ජූනි 27 වැනිදා වරෙන්තුවක් ද  නිකුත් කර තිබිනි.

  • ඛනිජ තෙල්වලින් පොහොසත් ලිබියාව ගඩාෆිගේ පාලනයෙන් ගිලිහී ගියේ පසුගිය අගෝස්තු 23 වැනිදාය. මේ සංසිද්ධි සියල්ලේම මුලට සිටින්නේ ‍ ජාත්‍යන්තර ජීවිත ගැලවුම්කාරයා වන මානව හිමිකම්  සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමක්කාරයාවුද අමරිකා එක්සත් ජනපදය  වීම කාටවත් රහසක් වී නැත.
  • ඇමරිකා සමාගම් වලින් ලිබියා තෙල් ලිං සදහා ලැබු සොච්චමක්වු බදු වලින් යැපුන  ලිබියාව  ස්වදේශීය කරණය කර තෙල් ආදායම  සම්පූර්නයෙන්ම රටේ ආදායම බවට පත් කරනු ලැබුවේ මින් වසර හතලිස් එකකට පෙර ගඩාෆි ය. එදා ඉපදුන අද මහ මිනිසුන්ව සිටින කැරලිකරුවන් මේවාට කෘතගුණ සලකන්නට තරම් උවමනාවක් සහ එදා අමරිකාවට එරෙහිව නොබියව ගත් ක්‍රියා මාර්ග ගැන සංවේදීතාවයක්ද නැත.




  • ගඩාෆි අවුරුදු හතලිස් එකක් බල තන්හාවෙන් රාජ්‍ය පාලකයා ලෙස එල්ලී නොසිටියා නම් සමහර විට වීර වරයෙක් ලෙස පිදුම් ලබන්නේය. එහෙත් ඔහු අද  අවසන් ගමන් ගිය අන්දම නම් කනගාටුදායකය. ලිබියාව සමෘද්ධිමත් කිරීමට යලිත් අමරිකා  තෙල් සමාගම් රට තුලට රිංගවා පෙර පරිදි සූරා කන්නට පටන් ගත් විට වර්තමාන කැරළි කරුවන්ට යලිත් ගඩාෆි කෙනෙක්ගේ අවශ්‍යතාවය ඇතිවනු ඇත.



  •    ‍මෙසේ අමානුෂික ලෙස ගඩාෆි මරා දැමුනු පසු අමරිකාව ප්‍රීති ‍ඝෝෂා නැගුවේය. නමුත් අපගේ වීර රණවිරුවන් කෲර ත්‍රස්තවාදියෙකු වන ප්‍රභාකරන් මරා දැමුට පසු අමරිකාව  කීවේ  එය අමානුෂික ඝාතනයක් කියායි. ඔවුන් එයට අසත්‍ය වීඩියෝ පට පවා තැනුවා. නමුත් රාජ්‍ය පාලකයෙකු වන ගඩාෆි කැරලිකරුවන් විසින් අමානුෂික ලෙස මරන වීඩියෝ පට බලද්දී ඔවුන් ට අමානුෂික යන වචනය මතක් නොවීම පුදුමයට කාරණාවකි.

Thursday, October 27, 2011

පරිගණක වයිරසයට අවු29යි

මුල්ම පරිගණක වයිරසය හැදුවේ අවු14 ළමයෙක්

මීට අවුරුදු 29 කට කලින් රිචඩ් ස්ක්‍රෙන්ටා ඇමරිකාවේ මවුන්ට් ලෙබනන් උසස් පාසලේ ඉගෙනුම ලබමින් සිටියේය. අලුතින් ම ආ ළමයින් අතරින් අපල් 2 පරිගණක පාවිච්චි කරන ළමයින් අතරින් කෙනෙකු වූ ස්ක්‍රෙන්ටාට පන්තියේ අනෙක් ළමයින්ගෙන් බේරුමක් නැති විය. ඔහුගෙන් විවිධ වැඩසටහන් ඉල්ලන්නට වුවේය. එය ස්ක්‍රෙන්ටාට මහත් වදයකි.
 
   මින් බේරෙන්නට ක්‍රමයක් කල්පනා කළ ස්ක්‍රෙන්ටා නොයෙක් වැඩසටහන් ලියමින් ඒවා ඩිස්ක් වලට එක් කරන්නට විය. මේ ඩිස්ක් ඕපන් කළ විට නොයෙක් දේවල් ඕපන් වෙන නිසා ස්කෙන්ටා‍ගෙන් ඩිස්ක් ඉල්ලන්නට බොහෝ අය බිය විය. 1982 දි ස්ක්‍රෙන්ටා අලුත් වැඩසටහනක් ලිව්වේය. එය පරිගණකයට ඇතුල් වුනු පසු පරිගණකයේ තිරයෙන් මෙසේ පනිවිඩයක් දිස් වෙයි.
         it will get on all your disks
         it will infilitrate your chips
         yes it is Cloner

 මේ පණිවුඩය දිස් වන්නේ එය අඩංගු ඩිස්කය පරිගණකය බුට් කරන විටය. එවිට මේ වැඩසටහන ඇති ඩිස්කයෙන් වැඩසටහනේ කොපියක් පරිගණකය මත රදවයි. දැන් මේ පරිගණකයට ඉතා පිරිසිදු ඩිස්කයක් ඇතුල් කළද වැඩසටහන ඒ ඩිස්කයට ඉබේම කොපි වේ. ඉබේම කාටත් නොදැනි කොපි වීම වයිරස් වල ලක්ෂණයකි. ඒ නිසා රිචඩ් ස්ක්‍රෙන්ටා මේ හැදුවේ වයිරසයකි. එයට දුන් නම එල්ක් ක්ලෝනර් ය.
එම නිසා ලොව පළමු පරිගණක වයිරසය නිපදවු රිචඩ් ස්ක්‍රෙන්ට ඒ වන 14 වැනි වියේ පසු විය.


    මීට අවුරුදු 29 කට කලින් තමන් නිපදවු වයිරසය ගැන රිචඩ් ස්ක්‍රෙන්ටා ඇසෝසියස්ට් ප්‍රෙස් (Asosiast Press) පුවත් සේවයට පැවසුවේ මෙසේයි. "ඒක ඇත්තට ම මම කළේ විහිලුවක්"

Monday, October 17, 2011

ලින්ක් ට්කක්

SOUNDCLOUD

එදිනෙදා ඕඩියෝ ක්ලිප් අප්ලෝඩ් කොට තැබිය හැකි සවුන්ඩ්ක්ලවුඩ්
 
එදිනෙදා තමා කථා බහ කරන හෝ ඕනෑම ඕඩියෝ ක්ලිප් එකක් මෙම සයිට් එකට අප්ලෝඩ් කොට තැබිය හැක.
http://soundcloud.com/


10 MINUTE MAIL


තාවකාලික ඊ මෙල් සෑදීමට ටෙන් මිනිට් ඊ මෙල්

  නොයෙක් වෙබ් අඩවි වල ප්‍රයෝජනය ගන්නට එම වෙබ් අඩවිවලට පිවිසෙන විට සක්‍රීය ඊ මෙල්ලුවක් ඉල්ලයි. මේ වෙලාවට තමාගේ ඊමේල්ලුට දෙන්න කැමති නැති අයට මෙම වෙබ් අඩවිය හරහා තාවකාලික සක්‍රීය ඊ මේල්ලුවක් සාදා ගත හැක.
http://10minutemail.com/


CANVAS


ඉමේජ් සෙව් කරමින් කැමති විදියට වෙනස් කරන්න පුලුවන් කැන්වාස් 

  මෙම වෙබ් සේවයෙන් ඉමේජයක් අප්ලෝඩ් කර එම ඉමේජයට නව දේවල් එකතු කරමින් අලුත් ඉමේජයක් සාදා ෂෙයාර් කරන්නත් පුලුවන්


http://canv.as

Sunday, October 16, 2011

twitter පොතේ කථන්දරේ

ට්විටර්
 
    අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්.  මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි. එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක් පමණක් ම නෙවේ එය මිතුරු හවුල් වෙබ් අඩවියක් ද වේ. පසුගිය ද ට්විටර් සේවය විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ට්විටර් නිතර යන එන අය මිලියන 100 ඉක්මවීමයි.ඉන් මිලියන 50 ක් අය අඩුම තරමේ දවසකට වතාවක් හෝ ටිවිටර් වෙත ලොග් වෙති.
         
 ටිවිටර් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ප්‍රමුඛතම සේවාවකි. ෆේස්බුක්, මයිස්පේස් හැරුණු විට ලොව හොදම මිතුරු ජාලයයි. ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.


ටිවිටර් යනු නොමිලයේ ලබා දෙන සිත් ඇද ගන්නා සුලු වෙබ් සේවයකි. එය නෑදෑ හිත මිතුරන් සමග තමාගේ අදහස් හුවමාරු කර ගැනිමට කදිම අවස්ථාවකි.මෙහිදී බ්ලොගිං කටයුතු කළ හැක්කේ වචන 100 කින් පමණි.මේවා හදුන්වන්නේ ට්වීට්ස් යනුවෙනි. දැනට තිබෙන අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම වර්ගයේ ජංගම දුරකථනයකින් වුවද ට්විටර් හා සම්බන්ධ වීමට පුලුවන්. මෙහිදී මයික්‍රොලොබින් ලිවීමටත් ට්වීට්ස් කියවන්න ටත පුලුවන්.


ටිවිටර් ඉතිහාසය


          ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝ නමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන්  සමග අන්තර්ජාගයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා. 2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එක යැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිග හැරියා.......


    ඕඩියෝ සමාගමේ බොහෝ දෙනා එක්වී ට්විටර් සමාගම පිහිටුවා ගත්තා. එහි නම යෝජනා කලේ ඊවන් විලියම්ස් ය. එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර් ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා. 2006 ඉවර වෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000 ක් විය. 2007 මුළ 60,000 ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම් 2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. (ආසයි නේ)  වසර 2009 ජූනි 25 වැනදා පැයකට හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000 ඉක්මවීය. මේ අපු ට්වීට්ස් කන්දරාව දාරා ගන්න සර්වර් සියල්ල අසමත් උනා. එනිසා ට්විටර් සම්බන්ධතා බිද වැටින. එය යථා තත්වයට පත් වූයේ මේ වෙබ් තදබදය නැවතුන පසුවයි.


 නමුත් දැන් නම් ටිවිට් කන්දරාවක් හැසිරවිය හැකි සර්වර් ඇත. දැන් දිනකට හුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක් හසුරුවා ගන්න එය සමත් වෙයි.




ට්විටර් සමාගමේ මේ සියලු වැඩවලට අවශ්‍ය මුදල් සහ ලාභ උපයා ගන්නේ ට්විටර් හරහා වෙළද දැන්විම් ප්‍රචාරය කිරීම මගින්. දැන් ප්‍රසිද්ධ වී තිබෙන පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 කි (ෆ්...ෆ්...ෆ්...ෆ්..ෆ්..)

Monday, October 3, 2011

සල්ලි හොයමුද ජාලයෙන්

යාලුවනේ මම අද ඔයාලට කියාදෙන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන විවිධ ආදායම් මාර්ග වලින් එකක් වෙන මිනි ජොබ්ස් ගැනයි. ඉතිං අහ ගන්නකෝ!
  අද ලෝකයේ තියෙන හොදම ආදායම් මාර්ගය වන්නේ අන්තර්ජාලය. සමහර මිනිස්සු අන්තර්ජාලයෙන් දවසකට ලක්ෂ ගණන් හොයනවා ඒ Odesk ,Elancer ,Freelancer , Plimus වගේ සයිට් වලින්. ඒවයින් හම්බ කරන්න හොද පරිගණක දැනුමක් වගේ ම හැම තිස්සේම අන්තර්ජාලයට ඇරිලා ඉන්න වෙනවා.


  •  එහෙම නැතුව පොඩි වේලාවකින් මුදල් හොයන විදියක් තමයි මේ Mini Jobs හෙවත් Mini Data Entry Jobs කියන්නෙ

     මේකෙ කරන්න තියෙන්නේ මුලින්ම අපිට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන එක. රෙජිස්ටර් වෙද්දී ඔයා හරියටම ඔයාගේ තොරතුරු ලබා දෙන්න නැත්තං ඉතිං ඔයා හම්බ කරපුවා වතුරෙ යයි. ඔන්න ඉතිං හරියට ඒ තොරතුරු ටික හෙම දීලා ඔයා රෙජිස්ටර් උනාට පස්සෙ තමයි වැඩේ තියෙන්නේ. 

    ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ලැබෙන ටස්ක්ස් වලින් ඔයාට පුලුවන් ඒවා කරන එක මේවට ඩොලර් 0.0001 - 9.00 වෙනකං ගෙවනවා. මේවා කරන්න ඔයාට ගතවෙන්නෙ ඉතාම කෙටි කාලයක්. මෙක නිකං හරියට "මචං මගෙ ‍ෆේස් බුක් පේජ් එකට ලයික් පාරක් දාපන්කො රුපියල් 10 ක් දෙනවා"
 කියලා කියනවා වගේ. 
ඔයාලත් මේක අත්හදා බලන්න. ඔන්න මම ඒ වගේ  Mini Jobs සයිට් ටිකක් පහළින් දාන්නම් කෝ..................................................



Saturday, October 1, 2011

Spinglo Invite!

යාලුවනේ මේකෙ තියෙන්නෙ ඹයාට නිකං අර සුවිප් ටිකට් වගේ වැඩක්. මේකෙ ඹයා දින්නොත් ඹයාට ඹය එක එක තෑගි හෙම හම්බවෙනවා. ඉතිං ඹය ලින්කුවෙ ක්ලික් කොරල බලපල්ලා
Spinglo Invite!
Related Posts Plugin for WordPress, Blogger...