Freelance Jobs

Friday, November 18, 2011

ලෝකයේ බලවතුන් දස දෙනා

පසුගිය දා ‍ෆොර්බ්ස් සගරාව පවත්වන ලද සමීක්ෂණයකින් ලෝකයේ බලසම්පන්න ම පුද්ගලයින් දස දෙනෙක් තෝරා ගනු ලැබුවා. එ‍ම සමීක්ෂණයේ දී විශේෂ කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා. ඒ අතරින් බොහෝ පිරිසක් මෙහෙයවීම ට හැකි වීම, ආර්ථික සම්පත් විශාල ප්‍රමාණයක් පාලනය කිරීම සහ අංශ කිහිපයකින්ම බලවීම ආදී ඔවුන්ට ඇති හැකියා ගැන කරුණු රැසක් සැළකිල්ලට ගෙන ඇත.


  1. බරක් ඔබාමා

 බරක් හුසෙන් ඔබාමා 1961 අගෝස්තු 4 වැනිදා හොනලොලු හිදී උපත ලැබුවේය. වර්ෂ 2009 ජනවාරි 20 වනදා ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මේ වන විට බොහෝ සෙයින් කථා බහට ලක්වෙන ජනාධිපතිවරයෙකු වන ඔබාමා 2009 වසරේ නොබෙල් සාම ත්‍යාගයද දිනා ගන්නා ලදී.


    2.විලැදිමිර් පුටින්

  •    විලැදිමිර් පුටින් 1952 ඔක්තෝම්බර් 7 වනදා රුසියාවේ ලෙනින්ග්‍රාඩ් හි උපත ලැබුවේය. ඔහු රුසියාවේ 2වැනි ජනාධිපතිවරයා ලෙස සැළ‍කේ. මේ වන විට ඔහු රුසියාවේ අගමැති පදවිය හොබවයි. රුසියානු දේශපාලනය ශක්තිමත් කිරීම සහ රටේ නීති පද්ධතිය යළි ගොඩනැංවීම මගින් ඔහු රුසියානු ඉතිහාසයේ නොමැකෙන ස්ථානයක් හිමි කරගෙන සිටී.


3.හ්යු ජින්තාඕ

  •   හ්යු ජින්තාඕ 1947 දෙසැම්බර් 21 වැනිදා චීනයේ ජිඈන්ග්යැංහි දී උපත ලැබුවේ ය. ඔහු 2003 වසරේ දී චීනයේ 6 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. එසේ ම ඔහු චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හා චිනයේ මධ්‍යම යුධ හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එනිසාම ඔහු චිනයේ අති විශිෂ්ට නායකයා යනුවෙන් ද හැදින්වේ.



4.ඇන්ජලා ඩොරති මාර්කෙල්

  •   ඇන්ජලා ඩොරති මාර්කෙල් 1954 ජුලි 17 වැනිදා ජර්මනියේ හැම්බර්ග් හිදි උපතා ලැබුවාය. ඇය 2001 නොවැම්බර් 22 සිට ජර්මනියේ චාන්සල්වරිය ලෙස කටයුතු කරන්නීය. ට8 සමුලුවේ දෙවන කාන්නා නියෝජනය වන්නේ ද ඇයයි.



5.බිල් ගේටිස්

  •  විලියම් හෙන්රි බිල්ගේට්ස් ඇමරිකන් ජාතිකයෙකි. ධනවත් ව්‍යාපාරිකයෙකු, මහජන හිතෛෂියෙකු , කතුවරයෙකු මෙන්ම මයික්‍රොසොෆ්ට් ආ‍යතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි . මොහු ලෝකයේ ධනවතුන් අතර තෙවැනි ස්ථානයේ සිටී.


6.අබ්දුල්ලා රජු

  •  අබ්දුල්ලා රජු 1924 අගෝස්තු 01 නි දා සවුදි අරාබියේ දී උපත ලැබුවේය. ඔහු 2005 අගෝස්තු 01 නි දා සවුදි අරාබියේ රජු ලෙස කිරුලු පැලැන්දුවීය. ඔහු ලෝකයේ ධනවත්ම රාජකියයන්ගේ ලැයිස්තුවට ඇතුලත් වේ.


7.16 වැනි බෙනඩික් පාප් වහන්සේ

  •  ‍ජෝෂප් ඇලෝසියස් රැටිඩින්ගර් නමින් 1927 අප්‍රේල් 16 වැනිදා ජර්මනියේ උපත ලැබුවේය. වත්මන් පාප් වහන්සේ  ලෙස කටයුතු කරයි. 265 වනි පාප් වහන්සේ වෙයි.


8.බෙන් බර්නෙක්

  •   බෙන් බර්නෙක් 1953 දෙසැම්බර් 13 වැනිදා ඇමරිකාවේදී උපත ලැබුවේය. ආර්ථික විද්‍යාඥයෙකු වන බර්නෙක් මේ වන විට අමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.


9.මාක් ෂුකර්බර්ග්

  •  මාර්ක් එලියොට් ෂුකර්බර්ග් 1984 මැයි 14 වැනි දා ඇමෙරිකාවේදී උපත ලැබුවේ ය. ඔහු පරිගණක වැඩසටහන් නිර්මානකරුවෙකු සහ අන්තර්ජාල ව්‍යවසාහකයෙකු ලෙස කටයුතු කරයි. ෆේස් බුක් හි නිර්මාණකරුවා ද මොහුය.


10.ඩේවිඩ් කැමරන්











  •  ඩේවිඩ් විලියම් කැමරන් 1966 ඔක්තෝම්බර් 9 වැනිදා බ්‍රිතාන්‍යයේදී උපත ලැබුවේය. එක්සත් රාජධානියේ වත්මන් අගමැතිවරයා වශයෙන් කටයුතු කරන්නේ විලියම් කැමරන් මහතායි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...