Freelance Jobs

Thursday, April 19, 2012

පෙර කාලේ අවුරුදු

අවුරුද්දට වෙනස්වෙන පරිසරය







අවුරුදු පණිවිඩය මුලින් ම කියාපාන්නේ පරිසරයේ ගස් වැල් ය. ලා දළුවලින් අලංකාරවත් වු අඹ ගස් අවුරුදු සමයේ සුලබ දර්ශනය කි. පරිසරයේ සෑම වෘක්ෂයකම පාහේ නව දළු හා මල් වලින් පිරි යයි. පෙබරවාරි මාසයේ පටන් මල් දරමින් කජු ගස් අවුරුද්දට සූදානම් වෙයි. අවුරුදු ලං වෙත් ම රතු හා කහ පැහැති කජුපුහුලන් වලින් කජු ගස් සැරසී සිටී ඉදුණු කංු පුහුලම් සොයා එන ලේනුන්, පක්ෂින් ගෙන්ද කජු ගස් අලංකාර වේ රාත්‍රියේ දී මා වවුලෝ රංචු පිටින් කජු ගස් කරා ඇදී එති..

රතු මල් කුමරිය


රතු පැහැයෙන් එරබදු මල් අවුරුදු කාලයටම පමණක් දැකිය හැකි මල් විශේෂයකි. එයද අතීතයේ සිට ම සැළතුණේ අවුරුදු සංකේතයක් ලෙසය.ශාකයේ උස අඩි 10ක් හෝ 12 පමණ වේ. කදෙන් අතුවලත් කටුය. පෙබරවාරි මාසයේ අග වන විට ශාක පත්‍ර හැලෙයි. මල් හට ගැනීම මාර්තු මාසයේදී ඇරඹෙයි. එරබදු විශේෂ 2කි. ඒ යක් එරබදු හා වල් එරබදු වශයෙනි. මේ ශාකයේ සියලුම කොටස් පාහේ ඖෂධ සදහා භාවිතයට ගැනේ.

අවුරුද්දේ පණිවඩකාරයා

බක් මාසය එළඹෙත් ම ඇසෙන කොහා‍ගේ මියුරු අවුරුදු ළග ළගම එන බවට ඉගි යකි.ජන වහරට අනුව කොහා හැදින්වෙන්නේ අවුරුදු කුරුල්ලා නමිනි.සමහරු මේ කුරුල්ලා සංචාරක පක්ෂියෙක් ලෙසද සළකයි.එහෙත් කොහා ශ්‍රී ලංකාවට අයත් වසර පුරාම දක්නට ලැබෙන කුරුලු විශේෂයකි.කෙවිලිය වෙනත් කූඩුවක බිත්තර දමන්නට සැරසෙන්නේ අප්‍රේල් මාසයේ හා මැයි මාසයේ අතරය. එනිසා කොවුල් නාදය අසන්නට ලැබෙන්නේ අවුරුදු සමයේ පමණි.

කෝදුරු කැවුම 

අවුරුදු කාලයට කෝදුරුවෝ බහුල වෙති.කැවුම් පිසීමේදි පළමුව පිසින කැවුම මුළුතැන්ගෙයින් පිට තැනක හෝ මුළුතැන්ගෙය තුළ වහළයේ එල්ලයි.මේය  කෝදුරු කැවුම වශයෙන් හදුන්වයි. එය වටා කෝදුරුවන් රොක්ව සිටිනවා ද දැකගත හැක මෙය කැවිලි පිසීමේ දී කෝදුරුවන්ගෙන් වන අපහසුතාවය මගහරවා ගැනීමට කරන උපායක් ලෙසද හැදින්විය හැක.

කුණු මුත්තා පිදීම

කසල සාමාන්‍ය දිවියේ දී අපට මහත් හිසරදයකි එහෙත් අලුත් අවුරුදු උත්සවයේදී කුණු අමුත්තා පිදීම නැමති සිරිතක් සමහර ප්‍රදේශවල දැකගත හැක. නොනගත කාලය එළඹෙන්නට පෙර නිවසේ මුළුතැන්ගෙය අස්පස් කර අතුගාගත් කුණු ලිපේ අගුරු සමග එකතු කර එය‍ට පිසූ කැවිලි කීපයක් ද තබා නිවස පිටුපස වත්තේ ගසක් මුල තබයි. මෙය කුණු මුත්තා පිදීම යනුවෙන් හදුන්වයි.

අවුරුදු උදාව කියන උණ වෙඩ්

අද සියලුම උත්සව කටයුතු සදහා සුළබට රතිඤ්ඤා යොදා ගනී අලුත් අවුරුදු උත්සවයේදී මෙම තත්වය දිවයින පුරාම දැකිය හැකිය එසේ වුවත් අතීතයේ ඒ සදහා යොදා ගත්තේ පරිසරයෙන් ම ලබාගන්නා වු උණ බට කැබැල්ලකින් සාදා ගත් උණ බට තුවක්කුවකි. හොදින් මේරූ උණ ගසකින් ලබාගත් පුරුක් 5-6ක් පමණ උණ බම්බුවකින් මෙම උපකරය සාදා ගනියි. භූමිතෙල් යොදාගෙන උණ වෙඩි දැල්වීම තරුණයන් අතර ඉතා ජනප්‍රිය වූ විනෝද ක්‍රීඩාවකි. අවුරුදු සමයේ පාන්දර සිටම උණ වෙඩි දැල්වීම ආරම්භ වේ.

(2012 අප්‍රේල් මස 10 නි දා පළවූ විජය පුවත්පතේ තොරතුරු ඇසුරිනි)

Wednesday, April 18, 2012

අති භයානක බිහිසුනු චිත්‍රපටයක්.... ඇග කිලිපොලා යනවා

තම පාසලේ විනෝද චාරිකාව තම ජීවිතයේ අවමංගල්‍ය චාරිකාව වේ යැයි ඔවුන් තුළ සිතුවිල්ලක් වත් නොතිබෙන්නට ඇත... අති භයානත චිත්‍රපටය ලගදීම ඔබ හමුවට නරඹන්න පහනට ආ යකා...

අඩි 70 ගැඹුරු ලිදිකට පැන නංගීගේ දිවි ගලවාගත් 13 හැවිරිදි අයියා


අඩි 70ක් ගැඹුරු අනාරක්‍ෂිත ලිඳකට වැටුනු සිය නව හැවිරිදි නැගනිය බේරා ගත් 13 හැවිරිදි අයියා කෙනෙකු පිළිබඳ සිද්ධියක් හලාවත අතුවන ගමෙන් වාර්තා වේ.
සිංහල අවුරුදු දා දිය නෑමට ගිය අචිනි දනංජය දැරිය බේරා ගැනීමට ළිඳට බට නිපුන් ධනංජයද දිවි බෙරාගත්තේ හාස්කමකින් බව ඇසුරෙනිවැඩිහිටියෝ කියති.
නැගනිය ළිදට වැටී පළමු වරට උඩට මතුවන අවස්ථාවේ ඇය බේරා ගැනීමට මේ පුංචි අයියා සමත් වී ඇත.
අචිනි ලිඳට වැටී ඇත්තේ නාමින් සිටියදීය. නිපුන් ඒ බව දුටුවේය. ඔහු කෑ ගැසුවේය. නංගී ළිඳට වැටුනු බව කියා මුළු වෙර යොදා කෑ ගැසුවේය. ඒ සමඟම ළිදේ කඹය අසල ගසක ගැට ගැසුවේය. ඊට පසුව ඔහු කඹේ දිගේ ළිඳට බැස්සේය. පතුලක් නොපෙනෙන ළිඳට වැටුනු නංගී ගිලෙමින් සිටිනු ඔහු දැක්කේය. එහෙත් ඔහු කලබල වුයේ නැත.
නංගී දියෙන් මතුවන විටම ඔහු ඇය වැරෙන් අල්ලා ගත්තේය. දෙදෙනාම කඹේ එල්ලී සිටියහ. ඒ සියල්ලටම මිනිත්තු 10ක් ගතවන්නට ඇත. නංගී බේරා ගත්තත් ළිඳෙන් ගොඩ එන්නේ කෙසේදැයි නිපුන්ට ප‍්‍රශ්ණයක් විය.
නංගී ගොඩ ගන්න හැටි කියා දුන්නේ ලිඳ ළඟට ආ ගම් වැසියන්ය. නංගීගේ ඉණ වටේ කඹය බඳින ලෙස ඔවුන් උපදෙස් දුන්නෝය. නිපුන් දෑතින්ම කඹයේ එල්ලූනේය. උඩ සිටි පිරිස අඟලෙන් අඟල කඹය ඉහලට ගත්හ.
පුංචි අයියා පුංචි නංගීගේ දිවි බේරා ගත්තේය.

                                                                             Lanka C News ඇසුරෙනි

Thursday, April 12, 2012

රටම කැළඹු සුනාමි අනතුරු ඇගවීම

2012.04.11 දින ඇතිවුන රික්ටර් මාපකයේ 8.9 ක භූ කම්පනයත් සමග ලෝකයේ බොහෝ රටවල් සුනාමි අවදාමකට මුහුණ පෑවා. මෙය දැනගත් වහාම ලංකාවේ වෙරළ ආසන්නයේ ජීවත් වූ වැසියන් රට ඇතුළට පැමිණෙන්නට විය.මේ හේතුවෙන් එදින මුලු ශ්‍රී ලංකාවම සුනාමි භීතියකින් ඇලළී ගියේය.කෙසේ වෙතත් මෙවැනි කිසිදු සුනාමියක් ශ්‍රී ලංකාවට බලපෑවේ නැත.

(එදින නිවුස් ෆර්ට් වෙබ් අඩවියේ පළවු ලිපි)


ඉන්දියාවේ සුමත්‍රා දුපත් ආශ්‍රීතව ප්‍රභල භූ චලනයක් සිදු තිබේ.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 8.9 ලෙස සටහන්ව ඇති බවයි.
මෙය දිවයිනේ ප්‍රදේශ රැසකට දැනී තිබේ.
ඉන්දුනීසියාවේ අචේ පළාත ආශ්‍රීතව සිදුවූ භූ චලනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

බීබීසී ලෝක සේවය පැවසුවේ ඉන්දීය සාගර කලාපය සදහා එම අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත් කර ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකාවට ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව ‍කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දුනීසියාවේ අචේ පළාත ආශ්‍රීතව සිදුවූ භූ චලනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
 
බීබීසී ලෝක සේවය පැවසුවේ ඉන්දීය සාගර කලාපය සදහා එම අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත් කර ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකාවට ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව ‍කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සුනාමි අනතුරු ඇගවීම ඉවත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් මහතා සඳහන් කරන්නේ, මේ වන විට තත්ත්වය ආරක්ෂිත බවය.

එබැවින් ආරක්ෂිත ස්ථානවලට ගොස් සිටි ජනතාවට යළි සිය වාසස්ථානවලට පැමිණිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් මහතා සඳහන් කළේය.




Thursday, April 5, 2012

මෙන්න බර උස්සන ශුරයෝ



first place 
ගොම කුරුමිනියාට තමාගේ බර මෙන් 1,141 ගුණයක බරක් ඇද ගෙන යා හැකිය.පරිමාණය අනුව එය මිනිසෙකු තට්ටු දෙකේ බස් 6ක් ඇද යාමට සමානයි 

_________________________________________________________________________________



Second place



කොළ කපන කුහුඹුවෙකු ට සිය සිරුර හි බර මෙන් 50 ගුණයක බරක් ඔසවාගෙන ගිය හැකිය.











    _________________________________________________________________________________





    Third place

    ගෝරිල්ලාට රාත්තල් 4600ක් , තම බර මෙන් 10 ගුණයක්  ඉසිලිය හැකිය.









    _________________________________________________________________________________

    fourth palce



    අප්‍රිකානු කොණ්ඩ රාජාලියාට රාත්තල් 36ක් , තම බර මෙන් සිව් ගුණයක් ඔසවාගෙන පියාඹිය හැකිය.





    _________________________________________________________________________________







                        fifth place



    මිනිසාට (ලෝකයේ ශක්තිමත්ම මිනිසාට) රාත්තල් 898ක්, තම බර මෙන් 2.3ක ගුණයක් එසවිය හැකිය.






    _________________________________________________________________________________






               Sixth palce


    ව්‍යාඝ්‍රයාට රාත්තල් 1200ක්, සිය සිරුරේ බර මෙන් දෙගුණයක් ඔසවාගෙන යා හැකිය.






    _________________________________________________________________________________





      Seventh place


    අලියාට රාත්තල් 20,000 ක් සිය බර මෙන් 1.7ක ගුණයක්, ඔසවාගෙන යා හැකිය.





    _________________________________________________________________________________





      Eightth place


    ගවයෙකුට රාත්තල් 2000 ක් , සිය බර මෙන් 1.5ක ගුණයක්, ඇද ගෙන යා හැකිය.






    _________________________________________________________________________________




     Nineth place



    වලසෙකුට රාත්තල් 1200ක්,සිය බර මෙන් 0.8ක ගුණයක්  ඔසවාගෙන යා හැකිය.







    Monday, February 6, 2012

    Titanic ||

    :කොස්ටා කොන්කොඩියා: නමැති සුඛෝපභෝගි ඉතාලි මගී නැව කොරල් පරයක ගැටීමෙන් පසුගියදා අනතුරට පත් වුණා. විදෙස් මාධ්‍ය එය හැදින්වුයේ මීට හරියටම වසර සියයකට පෙර අයිස් කන්දක හැපි ගිලී ගිය ටයිටැනික් නැව සිහිකිරීමක් ලෙසයි. 
        
            ඉතාලියේ ජිග්ලියෝ දූලත අසල මුහුදේ කොරල් පරයක ගැටිමෙන් නැවේ ශක්තිමත් යකඩ බද ඉරී ගියා. අනතුර සැලවු සැනින් ඉතාලි ජීවිතාරක්ෂක භටයන් සහ වෙරලාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී නැව වෙත පැමිණ මගීන් සහ නැවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් බේරා ගැනිමට කටයුතු කළහ. 29 දෙනෙකු හැර නැවේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වුණා. ජීවිතක්ෂයට පත් වූහ. අනතුර සම්බන්ධයෙන් නැවේ කපිතාන්වරයා සහ ඹහුගේ දෙවැනියාත්  අත්අඩංගුවට ගෙන ඇති අතැ ඹවුන්ට අනියම් මීනීමැරුම් චෝදනා එල්ල වී ඇත.
      
       


    ටොන් 114 500 ක් බර මීටර් 290 ක් දිග ඉතාලියේ නිශ්පාදිත කොස්ටො කොන්ඩියා නෞකාව මහල් කිහිපයකින් සමන්විතයි. සුව පහසු කැබින් කාමරවලට අමතරව ආපන ශාලා 5ක් තැබෑරුම් 13 ක් කුඩා ප්‍රමාණයේ නාන තටාක හා 4ක් රංග ශාලා, සිනමා ශාලා, කැසිනෝවක් සහ සදලුතල ආදි වශයෙන් සුඛෝපබෝගී මගී නෞකාවකි. 
    Related Posts Plugin for WordPress, Blogger...