Freelance Jobs

Thursday, April 12, 2012

රටම කැළඹු සුනාමි අනතුරු ඇගවීම

2012.04.11 දින ඇතිවුන රික්ටර් මාපකයේ 8.9 ක භූ කම්පනයත් සමග ලෝකයේ බොහෝ රටවල් සුනාමි අවදාමකට මුහුණ පෑවා. මෙය දැනගත් වහාම ලංකාවේ වෙරළ ආසන්නයේ ජීවත් වූ වැසියන් රට ඇතුළට පැමිණෙන්නට විය.මේ හේතුවෙන් එදින මුලු ශ්‍රී ලංකාවම සුනාමි භීතියකින් ඇලළී ගියේය.කෙසේ වෙතත් මෙවැනි කිසිදු සුනාමියක් ශ්‍රී ලංකාවට බලපෑවේ නැත.

(එදින නිවුස් ෆර්ට් වෙබ් අඩවියේ පළවු ලිපි)

ඉන්දියාවේ සුමත්‍රා දුපත් ආශ්‍රීතව ප්‍රභල භූ චලනයක් සිදු තිබේ.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 8.9 ලෙස සටහන්ව ඇති බවයි.
මෙය දිවයිනේ ප්‍රදේශ රැසකට දැනී තිබේ.
ඉන්දුනීසියාවේ අචේ පළාත ආශ්‍රීතව සිදුවූ භූ චලනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

බීබීසී ලෝක සේවය පැවසුවේ ඉන්දීය සාගර කලාපය සදහා එම අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත් කර ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකාවට ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව ‍කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුනාමි අනතුරු ඇගවීම ඉවත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් මහතා සඳහන් කරන්නේ, මේ වන විට තත්ත්වය ආරක්ෂිත බවය.

එබැවින් ආරක්ෂිත ස්ථානවලට ගොස් සිටි ජනතාවට යළි සිය වාසස්ථානවලට පැමිණිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...