Freelance Jobs

Thursday, April 19, 2012

පෙර කාලේ අවුරුදු

අවුරුද්දට වෙනස්වෙන පරිසරය







අවුරුදු පණිවිඩය මුලින් ම කියාපාන්නේ පරිසරයේ ගස් වැල් ය. ලා දළුවලින් අලංකාරවත් වු අඹ ගස් අවුරුදු සමයේ සුලබ දර්ශනය කි. පරිසරයේ සෑම වෘක්ෂයකම පාහේ නව දළු හා මල් වලින් පිරි යයි. පෙබරවාරි මාසයේ පටන් මල් දරමින් කජු ගස් අවුරුද්දට සූදානම් වෙයි. අවුරුදු ලං වෙත් ම රතු හා කහ පැහැති කජුපුහුලන් වලින් කජු ගස් සැරසී සිටී ඉදුණු කංු පුහුලම් සොයා එන ලේනුන්, පක්ෂින් ගෙන්ද කජු ගස් අලංකාර වේ රාත්‍රියේ දී මා වවුලෝ රංචු පිටින් කජු ගස් කරා ඇදී එති..

රතු මල් කුමරිය


රතු පැහැයෙන් එරබදු මල් අවුරුදු කාලයටම පමණක් දැකිය හැකි මල් විශේෂයකි. එයද අතීතයේ සිට ම සැළතුණේ අවුරුදු සංකේතයක් ලෙසය.ශාකයේ උස අඩි 10ක් හෝ 12 පමණ වේ. කදෙන් අතුවලත් කටුය. පෙබරවාරි මාසයේ අග වන විට ශාක පත්‍ර හැලෙයි. මල් හට ගැනීම මාර්තු මාසයේදී ඇරඹෙයි. එරබදු විශේෂ 2කි. ඒ යක් එරබදු හා වල් එරබදු වශයෙනි. මේ ශාකයේ සියලුම කොටස් පාහේ ඖෂධ සදහා භාවිතයට ගැනේ.

අවුරුද්දේ පණිවඩකාරයා

බක් මාසය එළඹෙත් ම ඇසෙන කොහා‍ගේ මියුරු අවුරුදු ළග ළගම එන බවට ඉගි යකි.ජන වහරට අනුව කොහා හැදින්වෙන්නේ අවුරුදු කුරුල්ලා නමිනි.සමහරු මේ කුරුල්ලා සංචාරක පක්ෂියෙක් ලෙසද සළකයි.එහෙත් කොහා ශ්‍රී ලංකාවට අයත් වසර පුරාම දක්නට ලැබෙන කුරුලු විශේෂයකි.කෙවිලිය වෙනත් කූඩුවක බිත්තර දමන්නට සැරසෙන්නේ අප්‍රේල් මාසයේ හා මැයි මාසයේ අතරය. එනිසා කොවුල් නාදය අසන්නට ලැබෙන්නේ අවුරුදු සමයේ පමණි.

කෝදුරු කැවුම 

අවුරුදු කාලයට කෝදුරුවෝ බහුල වෙති.කැවුම් පිසීමේදි පළමුව පිසින කැවුම මුළුතැන්ගෙයින් පිට තැනක හෝ මුළුතැන්ගෙය තුළ වහළයේ එල්ලයි.මේය  කෝදුරු කැවුම වශයෙන් හදුන්වයි. එය වටා කෝදුරුවන් රොක්ව සිටිනවා ද දැකගත හැක මෙය කැවිලි පිසීමේ දී කෝදුරුවන්ගෙන් වන අපහසුතාවය මගහරවා ගැනීමට කරන උපායක් ලෙසද හැදින්විය හැක.

කුණු මුත්තා පිදීම

කසල සාමාන්‍ය දිවියේ දී අපට මහත් හිසරදයකි එහෙත් අලුත් අවුරුදු උත්සවයේදී කුණු අමුත්තා පිදීම නැමති සිරිතක් සමහර ප්‍රදේශවල දැකගත හැක. නොනගත කාලය එළඹෙන්නට පෙර නිවසේ මුළුතැන්ගෙය අස්පස් කර අතුගාගත් කුණු ලිපේ අගුරු සමග එකතු කර එය‍ට පිසූ කැවිලි කීපයක් ද තබා නිවස පිටුපස වත්තේ ගසක් මුල තබයි. මෙය කුණු මුත්තා පිදීම යනුවෙන් හදුන්වයි.

අවුරුදු උදාව කියන උණ වෙඩ්

අද සියලුම උත්සව කටයුතු සදහා සුළබට රතිඤ්ඤා යොදා ගනී අලුත් අවුරුදු උත්සවයේදී මෙම තත්වය දිවයින පුරාම දැකිය හැකිය එසේ වුවත් අතීතයේ ඒ සදහා යොදා ගත්තේ පරිසරයෙන් ම ලබාගන්නා වු උණ බට කැබැල්ලකින් සාදා ගත් උණ බට තුවක්කුවකි. හොදින් මේරූ උණ ගසකින් ලබාගත් පුරුක් 5-6ක් පමණ උණ බම්බුවකින් මෙම උපකරය සාදා ගනියි. භූමිතෙල් යොදාගෙන උණ වෙඩි දැල්වීම තරුණයන් අතර ඉතා ජනප්‍රිය වූ විනෝද ක්‍රීඩාවකි. අවුරුදු සමයේ පාන්දර සිටම උණ වෙඩි දැල්වීම ආරම්භ වේ.

(2012 අප්‍රේල් මස 10 නි දා පළවූ විජය පුවත්පතේ තොරතුරු ඇසුරිනි)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...