Freelance Jobs

Wednesday, April 18, 2012

අඩි 70 ගැඹුරු ලිදිකට පැන නංගීගේ දිවි ගලවාගත් 13 හැවිරිදි අයියා


අඩි 70ක් ගැඹුරු අනාරක්‍ෂිත ලිඳකට වැටුනු සිය නව හැවිරිදි නැගනිය බේරා ගත් 13 හැවිරිදි අයියා කෙනෙකු පිළිබඳ සිද්ධියක් හලාවත අතුවන ගමෙන් වාර්තා වේ.
සිංහල අවුරුදු දා දිය නෑමට ගිය අචිනි දනංජය දැරිය බේරා ගැනීමට ළිඳට බට නිපුන් ධනංජයද දිවි බෙරාගත්තේ හාස්කමකින් බව ඇසුරෙනිවැඩිහිටියෝ කියති.
නැගනිය ළිදට වැටී පළමු වරට උඩට මතුවන අවස්ථාවේ ඇය බේරා ගැනීමට මේ පුංචි අයියා සමත් වී ඇත.
අචිනි ලිඳට වැටී ඇත්තේ නාමින් සිටියදීය. නිපුන් ඒ බව දුටුවේය. ඔහු කෑ ගැසුවේය. නංගී ළිඳට වැටුනු බව කියා මුළු වෙර යොදා කෑ ගැසුවේය. ඒ සමඟම ළිදේ කඹය අසල ගසක ගැට ගැසුවේය. ඊට පසුව ඔහු කඹේ දිගේ ළිඳට බැස්සේය. පතුලක් නොපෙනෙන ළිඳට වැටුනු නංගී ගිලෙමින් සිටිනු ඔහු දැක්කේය. එහෙත් ඔහු කලබල වුයේ නැත.
නංගී දියෙන් මතුවන විටම ඔහු ඇය වැරෙන් අල්ලා ගත්තේය. දෙදෙනාම කඹේ එල්ලී සිටියහ. ඒ සියල්ලටම මිනිත්තු 10ක් ගතවන්නට ඇත. නංගී බේරා ගත්තත් ළිඳෙන් ගොඩ එන්නේ කෙසේදැයි නිපුන්ට ප‍්‍රශ්ණයක් විය.
නංගී ගොඩ ගන්න හැටි කියා දුන්නේ ලිඳ ළඟට ආ ගම් වැසියන්ය. නංගීගේ ඉණ වටේ කඹය බඳින ලෙස ඔවුන් උපදෙස් දුන්නෝය. නිපුන් දෑතින්ම කඹයේ එල්ලූනේය. උඩ සිටි පිරිස අඟලෙන් අඟල කඹය ඉහලට ගත්හ.
පුංචි අයියා පුංචි නංගීගේ දිවි බේරා ගත්තේය.

                                                                             Lanka C News ඇසුරෙනි

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...