Freelance Jobs

Tuesday, September 6, 2011

සතියේ ගීතය


                                අවසාන මොහොත මාගේ 


අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ 
පෙනේවී රෑපේ ඔබගේ 
මැවි මැවි මාගේ අම්මේ 
දැනෙයි ඔබෙ සුවද අම්මේ 


පොඩි කාලෙ වීදි අතරේ 
සෙව්වා ඔබෙ සුවද අම්මේ 
ඒ සුවද දැනීල පාරේ  මඩ වතුර බීවා  


ගලන ලේ කිරි වුනේ නොමැතිදෝ ඔබෙ ලයේ 
මා ඔබේ පුතු නොවේද අම්මෙ 
ඔබේ පුතු නොවේද අම්මෙ............


අවසාන මොහොත මාගේ........


මේ කෲර ලෝක තලයේ 
නොමිනිසුන් සමගින්...... ඇසුරේ
ගෙවු නිසයි මාගේ ජීවේ මේ ලෙසින් අදුරේ 


මදු විතින් මත් වෙලා කෙලෙසුවා මිනි මරා
ගැලවිලා එන්න බෑනෙ අම්මේ
අදුරැ වීලා මගේ ලෝකේ


අවසාන මොහොත මාගේ............



  • නරක ඇසුරට එකතු වී නොදැනුවත්ව කළ වරදකට හිරේ ගිය මිනිසෙකුට තමාගේ අවසාන මොහොතේදී සිහි වෙන දෙය පිලිබද මේ විනාඩි 4 ක කාලයක් තුළ මේ ගීතයෙන් කියවේ.
             http://www.music.lk/download.php?index=5734
                                                                                                        ගායනය - බාචි සුසාන්
                         

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...