Freelance Jobs

Friday, September 23, 2011

අපේ කාලයේ ක්‍රිකට් වීරයා - සංගා

සංගක්කාර
     
  •           ලෝකයෙන් ම අබ ඇටයක් මෙන් ඇති මේ පුංචි දිවයින බබලවන්න අතීතයෙ සිටම බොහෝ ජාතික වීර‍යන් ඇප කැප විය. අදත් සමහරුන් එසේ ම අපගේ ලක් මෑණියන් බැබලවීමට බොහෝ සෙයින් වෙහෙසෙති අන්න ඒ වගේ කෙනෙක් තමයි 2000 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ඇතුලු වී මනස්කාන්ත පිතිහරඹයෙන් ප්‍රේක්ෂකයන් වශී කර ගෙන, 2011 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් තරගය තෙක් ගෙන ආ අපේ කාලයේ ක්‍රිකට් වීරයා සංගා

    
                කන්ද උඩරටින් පායා ආ මේ ක්‍රිකට් තරුව මහනුවර ට්‍රින්ටි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීති විද්‍යාලයට ඇතුල් වූ දක්ෂ සිසුවෙකි. 

2000 වසරේදී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වු කුමාර වොක්සද සංගක්කාර පසුගියදා පැවති ක්‍රිකට් සම්මාන උලෙලේදී හොදම එක්දින ක්‍රීඩකයා සම්මානය මෙන් ම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.
මහජන ක්‍රිකට් ක්‍රීඩකයා වීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සංගාගේ ප්‍රතිවාදීන් වුයේ ක්‍රිකට් උමතුවක් පවතින ඉන්දියාවේ මහේන්ද සිං දෝනි, දකුණු අප්‍රිකාවේ හසීම් අම්ලා, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිස් ගේල්, එංගලන්තයේ ජොනතන් ට්‍රොට් ය.මොවුන් අතරින් සංගා පහසුවෙන් ම ජනතාවගේ කැමැත්ත දිනා ගත්තේ ඔහුගේ පිතිහරඹයේ හෝ කඩුලු රැකීමේ දක්ෂතාවය නිසා ම නොවේ ඔහුගේ ඇති මහත්මා ගුණ නිසාය.
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සැබෑ මහත්මා ගුණ පෙන්වු සංගා අපේ මේ පුංචි ලක් දෙරණ ට ආඩම්බරයක්. ඔහු අතීතයේ සිටි ජාතික වීරයන් මෙන් අපේ රටේ කීර්තිය ආරක්ෂා කර දුන්නා. ඔහු සැබෑ ම වීරයෙක් සැබෑම වීරයෙක් 


,සංගා ඔබට ස්තුතියි!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...